Welcome to pinkam.lk

ඝෝර කටුක සංසාරය නැමති නොනිමෙන ගින්න නිවා අවසන් කිරීමට කරනු ලබන වෑයමකි.

2023 ජුනි මස 03ක්වු සෙනසුරාදාට යෙදී තිබුණු පොසොන් පොහෝ දින ලක්වැසි සියලුම දෙනාගේ ආධ්‍යාත්මික සහ ලෞකික දියුණුව පිණිස pinkam.lk වෙබ් අඩවිය ගොඩනැගීමට අදිටන් කර ගන්නා ලදී.

pinkam.lk වෙබ් අඩවියෙහි අරමුණු

1. සමාජ මාධ්‍ය වල පලවන පින්කම් [දස පුන්‍යක් ක්‍රියා] සහ ආමිස පුජා පින්කම් වල නිවැරදි භාවය තහවුරු කර ඒ සදහා අවකාශයක් ලබා දීම.

2. පිහිටක් පතන ලක්වාසීන් හට [තහවුරු කරන ලද] අදාල අවකාශයන් ලබා දීම.

3. අධ්‍යාපනේ දක්ෂ නමුත් ආර්ථික අපහසුතා ඇති ශ්‍රී ලාංකික දූ දරුවන් සදහා කැපකරු මාපිය ක්‍රමයක් ආරම්භ කිරීම

සුපින්වත් ඔබ මෙම වෙබ් අඩවිය පරිශීලනය කර බොහෝ පින් දහම් සිදු කරමින් රැස් කරගන්නා වූ පින් උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතු වසනා වේවා!

pinkam.lk ගොඩ නැගීමට උපකාර කළ හා එහි උන්නතිය වෙනුවෙන් කටයුතු කරන සියලුම දෙනාට මෙහි පින් හිමි වේවා! ඔවුන් සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා!

pinkam.lk ඩොමේනයෙහි පෙර අයිතිකරුවන්හටද මෙහි පින් අත් වේවා!ඔවුන් සියලු දෙනාට නිර්වාණ අවබෝධය පිණිසම මේ පින් හේතු වාසනා වේවා!

2024 අගෝස්තු මස 19ක්වූ සඳුදාට යෙදී තිබුණු නිකිනි පොහෝ දින pinkam.lk වෙබ් අඩවිය දියත් කරන ලදී. කරන ලදී.

pinkam.lk හි උන්නතිය හා අභිවෘද්ධිය වෙනුවෙන් එහි කටයුතුවලට සහය වීමට සුපින්වත් සියලු දෙනාට අප ආරාධනා කරමු.
විද්‍යුත් තැපෑල: pinkam.lk@gmail.com
දුරකථන: +94 70 5 774 774
තෙරුවන් සරණයි!

Inquiry Form

ඔබගේ අදහස් දැනුම් දීමට මෙ⁣ම ආකෘති පත්‍රිකාව භාවිතා කරන්න

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)