PL000003
පිරිත් / සුත්‍ර
"පින" ගැන ඔබ දන්නවාද?
ඛුද්දකපාඨය හි
පින පළිබඳව බොහෝ විස්තරාත්මකව පෙන්වා ද ඇත.
එනම්,
යම් ස්ත්‍රියක් හෝ පුරුෂයෙක් මනාසේ නිධානයක් කරන ලද්දේ වේද,
එය චෛත්‍ය කෙරෙහිද , සංඝයා කෙරෙහිද, යම් පුද්ගලයකු කෙරෙහිද, ආගන්තුකයකු කෙරෙහිද , මව කෙරෙහිද, පියා කෙරෙහිද, සහෝදර සහෝදරියන් කෙරෙහිද, මනාසේ තැන්පත් කරන ලද යම් නිධානයක් වේද,
එය අන්‍යන් විසින් දිනා ගත නොහැකි වූද, පරලොව දී විපාක දීම් වශයෙන් තමා අනුව යන්නේ වෙයිද, මිය යන අවස්ථාවේ දී හැරදමා යා යුතු වස්තූන් ඇති කල් හි, මේ පුණය්‍ය නිධානය රැගෙන පරලොව යයි.
එම පුණ්‍යය නිධානය යන් අයට සාධාරණ නොවෙයි. සොරුන් විසින් පැහැර ගත නොහැක. තමා අනුව යන්නෝම නම් ඒ පුණ්‍ය නිධානයක් වේද, නුවනැත්තන් විසින් ඒ පින්කම් කරන්නේය.
මේ පින දෙවියන්ටද මිනිසුන්ටද සියලු කැමති සම්පත් දෙන නිධානයයි. ඔහු යමක් යමක් ප්‍රාර් ථනා කෙරේද ඒ සියල්ල මේ පුණ්‍යය නිධානය කරණ කොටගෙන ලැබේ.
සුන්දර ජවි වර්ණ ඇතිබව, මධුර වූ ස්වර ඇති බව, අඟමසඟ පිළිබඳ මනා සටහන් ඇති බව, අධිපති භාවය සහ පිරිවර ජනයා ද යන මේ සියල්ල පුණ්‍ය නිධානය කරණ කොට ගෙන ලැබේ.
ප්‍රාදේ ශිය රාජ්‍යය, එක් එක් දිවයිනට අණ සක පැවැත්වීම, ද්වීප චක්‍රවර් ති රාජ්‍යයද, සතර මහා දිවයිනේ අණ සක පැවැත්වීම,
දෙව් ලොව දිව්‍යය දැපයද යන මේ සියල්ල මේ පුණ්‍යය නිධානය කරණ කොටගෙන ලැබේ. සියල්ල මේ පුණ්‍යය නිධානය කරණ කොටගෙන ලැබේ.
කළ්‍යාණ මිත්‍ර සම්පත්තිය, පුර් වේ නිවාසානුස්සති ඥාණාදිය, ත්‍රිවිද්‍යාවෝද, අෂ්ඨ සමාපත්තිද, නිර්වාණ සංඛ්‍යාත විමුත්කිය ද යන මේ සියල්ල පුණ්‍යය නිධානය කරණ කොටගෙන ලැබේ.
අර්ථ ධම්ම නිරුක්ති පටිභාන ප්‍රඥා සංඛ්‍යාත පටිසම්භිදාවන්ද, අෂ්ඨ විමෝක්ෂයද, සියල්ල මේ පුණ්‍යය නිධානය කරණ කොටගෙන ලැබේ.ශ්‍රාවක පාරමිතාවක් ඇත්නම් එයද, පසේබුදු පාරමිතාවක් ඇත්නම් එයද, ලොවුතුරා බුද්ධ පාරමිතාවක් ඇත්නම් එයද, යන සියල්ල මේ පුණ්‍යය නිධානය කරණ කොටගෙන ලැබේ.
එසේ හෙයින් ධීර ගුණයෙන් යුතු පණ්ඩිතයෝ පින් කරති.
(උපුටා ගැනීම Ruchiru Kulathunga ගේ Facebook ගිනුමෙනි)
අදාල සමාජ මාධ්‍ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
දහම් කරුණු
ධර්ම දේශනා
මහා බෝධිසත්ත්ව අපවත් වී වදාළ නා උයනේ අරියධම්ම නායක ස්වාමීන් වහන්සේගේ දේශනා 3800 කට ආසන්න ප්‍රමාණයක් ශ්‍රවණය කිරීමට Download කරගැනීමට පහත link එකෙන් ප...
Read Moreදහම් කරුණු
පිරිත් / සුත්‍ර
https://www.damruwana.org/ මෙම වෙබ් අඩවිය පූජ්‍ය දන්කන්දේ ධම්මරතන ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරන ලද මහඟු ධර්ම දේශනා රාශියකින් යුක්ත වේ. නිවනට මග...
Read Moreදහම් කරුණු
බෞද්ධ පොත්
බුද්ධ ජයන්ති ත්‍රිපිටකය PDF සංස්කරණය = ව්‍යක්ත පණ්ඩිත භික්ෂූන් වහන්සේලා විශාල නමකගේ වසර 30ක 40ක කැපවීමක් මතින් බිහිවුණු බුද්ධ ජයන්ති ත්‍රිපිටකයේ මුල...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.