PL000356
දඹුල්ල | ඉදිකිරීම්
ඓතිහාසික ශාසනික කර්තව්‍යයක් සඳහා සහය ලබාගැනීම සහ ගෞරවනීය ආරාධනය
දඹුල්ල කළුන්දෑව කලෝගහ ඇල පරණගම පුරාණ බෝධිමළු චිත්තවිවේකාශ්‍රම පුණ්‍ය භූමියේ 2021 වසරේ මංගල ශිලා ප්‍රතිස්ඨාපනය කරන්නට යෙදුන මධ්‍යම පළාතේ ඉදිවන විශාලතම මහ සෑ රජාණන් වන ශ්‍රී සුගත මුණි මහ සෑ රජුන් උතුම් බුදු සසුනට දායාද කරලීමට මේ වන විට බොහෝ පිරිසක් ඉමහත් උන්නදුවෙන් පසුවන බව සතුටින් දැනුම් දෙමු.
මධ්‍යම පළාතට, මුළු මහත් දිවයිනටම පමණක් නොව සමස්ථ බුදු සසුන වෙතට මහත් වූ ආශිර්වාදයක් වන මේ සෑ රජාණන් වහන්සේගේ ගෘහ නිර්මාණ සැලසුම් මේ වන විට සකස් කොට ඇති අතර එහි ඉදිකිරීම්වලට අදාල අනෙකුත් ශ්‍රමය, මූල්‍යමය, ප්‍රචාරණමය ආදී කටයුතු සම්බන්ධයෙන් සසුන් ලැදි ගිහි පැවදි විශාල පිරිසකගේ සහය ලැබෙමින් පවතී.
නමුදු මෙහි අඩි 200කට අධික උසකින් යුත් සෑ රජාණන් වහන්සේ ඉදිකිරීමේ කටයුතු යම් කාලයකින් ප්‍රමාද වූයේ කොරොනා වසංගතය නිසාත් පැවති දැඩි ආරථික අර්බුදය නිසාවෙනි.
එහෙත් මේ වන විට විද්‍යුත් මාධ්‍යවල සහය මේ සඳහා ලැබෙන බැව්න් විදේශයන්හි සිටින ශ්‍රී ලාංකිකයන්ගේ උදව් උපකාර ලැබෙමින් පවතී. ( මෙහි විස්තර 077 0567389 යන වට්ස් ඇප් අංකය මඟින් ලබාගත යැකිය.)
එම නිසා සුගත මුනි මහ සෑයේ කඩිනමින් පාදම ඉදිකිරීමේ උතුම් පුණ්‍ය මහෝත්සවය 2025 අප්‍රේල් මස 20 වන දින එ පින් බිම දෙවි බඹුන්ගේ සාධු නාද මැද, අහස් කුස සිසාරා, පුෂ්ප උපහාර පූජා, මඟුල් බෙර නාද, සෙත් පිරිත් සජ්ජායනා මැද වන්දනීය පූජනීය මහා සඟරුවනේත්, පින්වන්ත බොහෝ පිරිසකගේත් සාධු නාද මැද උදෑසන 8.30ට ආරම්භ වේ. ඔබගේ පැමිණීම හා දායකත්වය බලාපොරොත්තු වෙමු.
තෙරුවන් සරණයි!
ගිණුම් අංක 109061004651
(චෛත්‍යය සංවර්ධන කමිටුව . සම්පත් බැංකුව දඹුල්ල ශාඛාව)
ගිණුම් අංක 72461942 ලංකා බැංකුව දඹුල්ල ශාඛා
(උපුටා ගැනීම කලණ මිතුරු යොවුන් සදහම් අසපුව Facebook සමුහයෙනි)
pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.
අදාල සමාජ මාධ්ය ප්රචාරයට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.
මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.
ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න
pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු
පින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | පාලුකඩවල
බුද්ධ ප්‍රතිමා වහන්සේගේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට සියල්ල සූදානම් කරමින් පිංවත් ඔබටත් පුලුවන් ආකරයට දායක වෙන්න. දිස්ත්‍රික්කය - කුරුණෑගල ප්‍ර...
Read Moreපින්කම් හා කුසල කර්ම
ඉදිකිරීම් | අනුරාධපුරය
අනුරාධපුරය පලුගස්වැව පෙරිමියන්කුලම නිබ්බාණ වන සේණාසනයේ මීට වසර දෙකකට ඉහත දී ආරම්භ කල පිවිසිමේ සම්බුද්ධ මන්දිරය ටික ටික ගොඩ නැගෙන අයුරු..උදව්,උපකාර කල...
Read Moreපින්කම් හා කුසල කර්ම
ධර්මදාන | අන්තර්ජාල මාධ්ය
ථේරවාදී බුදු දහමේ මූලික සිද්ධාන්ත පෙළ අටුවා ටීකා සහ ග්‍රහ ග්‍රන්ථ ඇසුරෙන් පූජ්‍ය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන දේශනා මාලාව, ශ...
Read Moreපින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු
“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”
මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)
© 2026 pinkam.lk. All rights reserved.