රෝගී දරුවා සුවපත් කරගන්න මවක් විසින් කරණු ලබන ආයාචනයක් | අගලවත්ත

PL000238

අගලවත්ත | ඖෂධ /වෛද්‍ය උපකාර

අගලවත්ත, වේරගම, ස්වර්ණගම පදිංචි කවිඳු ලක්ෂාන් නමැති දරුවා මේ වන විට මොළයේ ස්නායු රෝගයකින් පීඩා විඳී. මෙම රෝගී තත්ත්වය නිසා ඇවිදගත නොහැකිව දරුවා ඇඳේ සිටින බව දරුවාගේ මව වන තිලානි පතිරාජ මහත්මිය 'දිවයින'ට පැවසුවාය.

ආසිරි රෝහලේ විශේෂඥ වෛද්‍ය සුනිල් පෙරේරා මහතාගේ වෛද්‍ය නිර්දේශය අනුව දරුවා වෙනුවෙන් ලබා දෙන බෙහෙත් සඳහා රුපියල් 15,000ක මුදලක් වැයවන බවත්. එතරම් මුදලක් පවා සොයා ගැනීම දුෂ්කර කටයුත්තක් බවත් ඇය කියා සිටියාය.

එබැවින් එම මුදල සොයා ගැනීමට පරිත්‍යාගශීලීන්ගේ උදව් අපකාර අවශ්‍ය බව ද ඇය සඳහන් කළාය. මෙහිදී තවදුරටත් කතා කළ තිලානි මහත්මිය මෙසේද කියා සිටියාය.

' පුතා 3 ශ්‍රේණිය දක්වා අගලවත්ත දාපිලිගොඩ ප්‍රාථමික විද්‍යාලයේ ඉගෙන ගත්තා. 2014 දී විතර දරුවාට උණ හැදිලා ඒක වැඩිවෙලා ෆිට් එක හැදුණා.

ඊට පස්සෙ හොඳ වුණා. ටික කාලයක් ඉස්කෝලෙ ගියා. පස්සේ ආයෙමත් ලෙඩ වුණා. දරුවාට ළමා රෝහලෙන් ප්‍රතිකාර ගත්තෙ. ඩොක්ටර් සුනිල් පෙරේරා මහත්මයා කමයි දරුවා බැලුවේ. මාසෙකට දරුවගේ බෙහෙත් වලට රුපියල් 15,000ක් යනවා. මගේ අනෙක් පුතා අපොස උසස් පෙළ කරලයි ඉන්නෙ. දරුවාගේ බෙහෙත් වලට තමයි හුඟක් වැයවෙන්නේ. මට ස්ථිර ආදායමක් නැහැ. දරුවාගේ බෙහෙත් ටික ගන්න උදව් කරනවා නම් ලොකු පිනක්. දරුවට ඇවිදින්න බැහැ. ඇඳේ තමයි ඉන්නෙ. මට දරුවා සනීප කරගන්න ඕනෙ. දරුවාගේ බෙහෙත් ටික ගන්න උදව් කරන්න පුළුවන් අය 0771-714725ට කතා කරන්න. 343952 අගලවත්ත ලංකා බැංකුව. ඒ මගේ ගිනුම් අංකය.

Bank account details:
N.Pathiraja
Account no 343952
BOC
Agalawatta Branch

(උපුටා ගැනීම නැති බැරි අයට උදවු කරමු. Facebook සමුහයෙනි)

pinkam.lk විසින් තොරතුරු තහවුරු කිරීමෙන් පසුව මෙය පලකරන ලදි.

අදාල සමාජ මාධ්‍ය ප්‍රචාර⁣යට පිවිසීමට පහත More Info අයිකනය ක්ලික් කරන්න.

මෙම සමාජ මාධ්‍ය ප්‍රචාරයේ අයිතිය මුල් හිමිකරුවන් සතුවේ.

Share this post

Comment Section

ඔබේ අදහස් දැක්වීමට පහළින් ඇති කොටස භාවිතා කරන්න

පින්කම් පෙල ගැස්ම

pinkam.lk විසින් පළ කරන ලද සියලුම පින්කම් හා කුසල් , ආමිස පූජා, ලේ දන්දීම / වෛද්‍යසායන පිහිට උපකාර හා දහම් කරුණු පිළිබඳව තොරතුරු

පිහිට උපකාර

දියණියගේ ඖෂධ සදහා දෙමාපියන් විසින් කරණු ලබන ආයාචනයක් |...

ඖෂධ /වෛද්‍ය උපකාර | ගාල්ල

කණ කැස්බෑවා විය සිදුරෙන් අහස බලනවා වගෙයි මනුෂ්‍ය ජීවිතයක් ලැබීම ගොඩක් අසීරු කාර්යයකි එහෙම ලබන ජීවිතයෙන් පව් කරනවද පිං කරනවද යන්න තීරණය අප සතුයි ...

Read More

පිහිට උපකාර

විදුලි රෝද පුටුවක් වෙනුවෙන් කරන ඉල්ලීමක් - කිරිඇල්ල

අනෙකුත් ආධාර / උපකාර | කිරිඇල්ල

🙏 කාරුණික ඉල්ලීමයි 🙏 J R දනුශ්ක සමීර විමලසේන බාලිගෙවත්ත .මාටුවගල කිරිඇල්ල යන ලිපිනයේ පදිංචි මා 1991.07.18 දින උපත ලද වයස අවු 33ක් වන තරුනයෙකී. නම...

Read More

පිහිට උපකාර

පිලිකාරෝගී දරුවන්ට වෛද්‍ය නිර්දේශිත පෝශන අතිරේක බෙදා ද...

ඖෂධ /වෛද්‍ය උපකාර | මහරගම

සෑම සිකුරාදා හා බදාදා දිනම පිලිකා රෝගී බබාලාගේ සායන අවසානේ උදේ 10ත් 12ත් අතර පෝශන අතිරේක බෙදා දීම අපේක්ශා රෝහල් විහාරස්ථානයේදී සිදුකරනවා මාසිකව අප...

Read More

Subscribe Us

පින්කම් පිළිබඳ නවතම තොරතුරු දැනගැනීමට ඔබගේ ඊමේල් ලිපිනය මෙහි ඇතුලත් කරන්න. සෑම සති දෙකකට වරක් අපි ඔබව දැනුවත් කරන්නෙමු

“ඉධ මෝදති පෙච්ච මෝදති – කතපුඤ්ඤෝ උභයත්ථ මෝදති
සෝ මෝදති සෝ පමෝදති – දිස්වා කම්මවිසුද්ධිමත්තනෝ”

මෙලොව සතුටු වෙන්නෙත් පින් කරගත් කෙනාමයි. පරලොව සතුටු වෙන්නෙත් පින් කර ගත් කෙනාමයි. දෙලොවදීම සතුටු වෙන්නෙත් ඔහු මයි. තමන් විසින් කරගත්තු පිරිසිදු කුසල කර්ම දැකලා, ඔහු සතුටු වෙනවා. සතුටින් පිනායනවා. (ධම්ම පදය - යමක වර්ගය)